නායකයෙක් ලෙස ලැබූ දරුණුම පරාජයයි
- 2017-01-15 11:48:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාවේ පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරජයට පත්වීම තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලැබූ දරුණුම පරාජය බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14දා) ඉනිමක හා ලකුණු 118ක පරාජයක් ලැබීය.
නායකයෙකු ලෙස මම විවිධ පරාජයන්හි පාර්ශ්වකරුවෙකු බවට පත්ව තිබෙනවා. නමුත් මෙය තමයි නායකයෙකු ලෙස මම ලැබූ දරුණුම පරාජය. අපි මීට වඩා දෙයක් කරන්න හිටියේ. නමුත් නැගිටීමක් සිදු වුණේ නෑ. මමත් ඇතුළුව අපේ පිතිකරුවන් හොඳින් දක්ෂතා දැක්වූයේ නෑ.
අපි පුහුණුවීම් ඉතාමත් හොඳින් කළා. තණකොල සහිත තනතීරු වල පවා අපි පුහුණුවීම් කළා. නමුත් මේ වගේ තණතීරු ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම අපහසුයි. නමුත් පළමු පෙළ තරග සඳහා තණකොළ සහිත තණතීරු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට මේ හොඳම අවස්ථාවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments