නික්ලේෂාට විදේශ රැකියා අමාත්‍යාංශය අතදෙයි
- 2016-11-21 10:28:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියාවේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කොළඹ විශාඛා විද්‍යාලයේ නික්ලේෂා තරැෂි ක්‍රීඩිකාවට අවශ්‍ය ගුවන් ටිකට්පත ලබාදීමට විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.ඒ අනුව දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වෙන ලෝක පාසල් චෙස් ශූරතාවට සහභාගි වීම සඳහා ගුවන් ටිකට්පතට අවශ්‍ය වන රැ.128,000ක මුදල කාර්යාංශය මගින් ලබාදී ඇත.
චෙස් ක්‍රීඩාවේ විශිෂ්ට දක්‍ෂතා දක්වන නික්ලේෂාගේ පියා, මීට වසර දෙකකට ඉහතදී (2014) දකුණු කොරියාවේ නැව් සමාගමක පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, එහිදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ වම් පාදයේ අස්ථි බිඳී එතැන් සිට ඔහුට කිසිදු වැටුපක් ලැබී නැත. ඒ අනුව ඔහුගේ බිරිඳ විසින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම මුදල ඇයට ප්‍රධානය කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කරන නික්ලේෂා මේ වනවිට ලෝක චෙස් සම්මේලනයේ පිළිගත් මහද්වීපික මට්ටමේ චෙස් තරගාවලියක ඉහළම මට්ටමේ දක්‍ෂතාවලට පිදෙන 'වුමන්ස් ග්‍රෑන්ඩ් මාස්ටර්ස්' තනතුරෙන්ද පිදුම් ලබා ඇත. එම නාමය දරන දැනට සිටින ළාබාලම ක්‍රීඩිකාව ඇය වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවක් ලෙස ජාත්‍යන්තර තරගාවලි 15කට පමණ සහභාගි වී ඇති ඇය, ඉරානයේ පැවැති ආසියානු පාසල් චෙස් තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට සමත් වූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments