පන්නිපිටිය ධර්මපාල විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි විකට්ටු විවෘත කරයි
- 2018-09-03 13:38:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම පසුගියදා (01දා) සිදුකෙරිණ.
අභිනවයෙන් ඉදිකළ මෙම තණතිලි විවෘත කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.
තණතිලි සහ ක්‍රිකට් ක්‍රීඩාංගණය අභිනවයෙන් සැකසීමට රුපියල් මිලියන 17ක් වැය වී ඇති අතර, මීටර 400ක මලල ක්‍රීඩා ධාවනපථය පාපන්දු හා රගර් පිටිය වොලිබෝල් හා බීච් වොලිබෝල් ක්‍රීඩාංගණ ඇතුළු වෙනත් මලල ක්‍රීඩා පහසුකම් තවත් මිලියන 11ක වියදමකින් ඉදිරියේදී නිමාවට පත් කෙරේ.
මීට අමතරව මිලියන 20කින් ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය නවීකරණය කීරීම, ක්‍රිකට් උපකරණ ගබඩා කාමර ඉදිකිරීම හා නැරඹුම් මණ්ඩපයක් ඉදිකිරීමද ඉදිරියේදී සිදුකෙරේ.
ආදී ධර්මපාල ක්‍රීඩා සමාජය, ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, වත්මන් හා පෙර ගුරුදෙගුරුන් හා සිසුන්ගේ සහයෝගයෙන් මෙහි ඉදිකිරීම් 2016 වසරේ එවක විදුහල්පති කේ.ජී. විමලරත්න මහතා ආරම්භ කළ අතර, වත්මන් විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා මේ කටයුතු ඉදිරියට ගෙන යමින් සිටී.
ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රීඩාංගණය ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී ප්‍රධාන දායකත්වය දැරීමට ක්‍රියා කළේය. මීට අමතරව ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිත්‍යාගශීලීන්, සමාජ සේවා සංවිධානයන්ට අමතරව විද්‍යාලීයය ආදී හා වත්මන් සිසුන් පා ගමන් මගින් එක්වූ ආධාරද උපයෝගී කර ගැනිණි.
නව තණතිලි විවෘත කිරීමෙන් පසු එය සැමරීමට ධර්මපාල ආදි සිසුන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා ඕල්කට් විද්‍යාල ආදි සිසුන්ගේ ඒකාබද්ධ කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයකද පැවැත්විණ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිකරන ලද්දේ 1940 වසරේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ප්‍රදානය කළ භූමිභාගයකය. මෙම විදුහල ශ්‍රී ලංකාවේ ප්‍රධානම බෞද්ධ මිශ්‍ර පාසලයි. දැනට එහි සිසුන් 5000ක් ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 300කි.
නදීෂ් දික්කුඹුර
Reply To:
Name - Reply Comment
0 Comments