පයිනියර් කුසලාන හොකී තරගාවලිය කොතලාවල, ආදි ආනන්දීය, ආදි සේනානායක හා සී.එච් අවසන් පූර්ව වටයට
- 2016-10-05 09:05:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ හොකී සංගමය විසින් සංවිධානය කරන ලද 66 වැනි පයිනියර් (pioneer) කුසලාන හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යා පීඨය, ආදි ආනන්දිය, ආදි සේනානායක හා කොළඹ සී.එච්.ඇන්ඩ් එෆ්.සී.යන ක්‍රීඩා සමාජ සමත්ව විය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යා පීඨ කණ්ඩායම, ආදි ආනන්දීය කණ්ඩායම සමගිනුත් ආදි සේනානායක කණ්ඩායම, සී.එච්.ඇන්ඩි එෆ්.සී සමගින් තරග වැදීමට නියමිතය.
කොළඹ හොකී සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග 56ක් පැවැත්වූ අතර, එම සියලුම තරග කොළඹ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments