පළමු තරගයෙන් ඉන්දියාවට කඩුළු 7 ක ජයක්
- 2020-01-08 11:17:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය ඉන්දියාවේ ඉන්දෝ හිදී පැවැත්විණි. තරගයේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 143 ක ඉලක්කය පන්දුවාර 17.3 කදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකර යාමට ඉන්දියාව සමත්විය. ලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය.
එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසනදී කඩුළු 9 ක් දැවී ලකුනු 142 ක් රැස් කළහ. කුසල් ජනිත් පෙරේරා හයේ පහර 3 ක් සහිතව ලකුනු 34 ක් රැස් කළද සෙසු ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිහරඹය ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට හේතුවිය. පන්දුයැවීමේදී ෂර්දුල් ඨාකූර් කඩුළු 3 ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දුවෙන් දස්කම් දැක්වූ නව්දීප් සයිනිට යි. මේ අනුව තරග 3 කින් යුත් පන්දුවාර 20 තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් රැදී සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments