පළමු පෙරහුරුව ලංකාව පරාදයි
- 2019-05-25 15:43:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
කාඩිෆ් පිටියේ ඊයේ (24දා) නිමාවූ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 7 ට ලකුණු 338ක් රැස් කළේය.
හෂීම් අම්ලා (65), නායක ඩුප්ලෙසි (88), වැන් ඩර් ඩුසෙන් (40) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු යැවිමෙන් සුරංග ලක්මාල් හා ණුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 339ක දැවැන්ත ඉල්ලකයක් හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 42.3කදි සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 251ක් පමණි.
නායක දිමුත් කරුණාරත්න (87), ඇන්ජලෝ මැතිව්ස් (64) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙහෙලුක්වායෝ කඩුලු 4ක් දවාගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments