පළමු විස්සයි20 තරගයෙ ජය කොදෙව්වන්ට
- 2020-03-05 11:55:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 25 ක ජයක් හිමිකර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.5 කදී ලකුණු 171 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුහු පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ ඔෂේන් තෝමස් කඩුළු 5 ක් දවා ගැණීමට සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 196 ක් රැස් කළහ. දෙරට අතර අවසන් වරට පවත්වා ඇති පන්දුවාර 20 තරග ත්‍රිත්වයේම ජය හිමි කර ගැනිමට සමත්ව ඇත්තේ කොදෙව් කණ්ඩායම වීම විශේෂත්වයකි.
මේ අනුව තරග දෙකකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස ජයගෙන කොදෙව්වෝ ඉදිරියෙන් පසුවේ.තරගාවලියේ දෙවැනි හා අවසන් පන්දුවාර 20 තරගය එළඹෙන 06 වැනිදා පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments