ප්‍රංශය ලෝක කුසලාන අවසන් තරගයට
- 2018-07-11 15:01:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ බෙල්ජියම් කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගය 1-0ක් ලෙස ජයගනමිනි.
තරගයේ 51 වැනි විනාඩියේදී සැමුවෙල් උම්ටිටි වාර්තා කළ ගෝලය තරගයේ වාර්තා වූ එකම ගෝලය විය. එංගලන්ත කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය හා තරග කරනු ඇත.
1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.
2016 වසරෙන් පසුව බෙල්ජියම් පාපන්දු කණ්ඩායමක් පළමු වරට පරාජය පත්වූයේ මෙම තරගයේදීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments