Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවත්වෙන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.DTTT ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජර් සන්ඩර් සිංග් විසින් (මීටර 60.36) දිනාගන්නා ලද අතර චීනයේ ගුවෝ චන්ලින්ග් විසින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලද අතර ඔහු විසිකරන ලද දුර ප්‍රමාණය මීටර 56.14 කි. මෙවර ලන්ඩන් ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගී වූ අතර, අමරා ඉන්දුමතී (ටී-47 මීටර 200 සහ මීටර 800) සහ අනිල් ප්‍රසන්න (ටී-52 මීටර 200) සෙසු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙති.  
මෙම තරගාවලිය ජූලි 14 සිට 23 දක්වා පැවැත්වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.