Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ දෙරට අතර පැවැති කරච්චි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 263ක ජයක් වාර්තා කරමිනි.

පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 476ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 212ක් පමණි.

තරගයේ පළමු ඉනිමේදී පාකිස්තාන පිතිකරුවන් ලකුණු 191ට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවත් දෙවැනි ඉනිමේදී පාකිස්තාන මුල්පෙල පිතිකරුවන් සියලු දෙනාම ශතක රැස්කරමින් වාර්තා ගත ලකණු 555ක් රැස්කිරිමට සමත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 271ක් රැස්කිරිමට සමත්වුවත් දෙවැනි ඉනිමේදී ලකුණු 212ට දැවී ගියේය. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස්කිරීමට සමත්විය.

තරගයේ වීරයා ලෙස අබිඩ් අලී සම්මාන ලැබීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.