Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය (Sri Lanka Telecom campus) යටතේ පවතින භුමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමටද දෙපාර්ශ්වය ඉකුත්දා අත්සන් තබන ලදී.

අක්කර 36 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති එකී විශ්වවිද්‍යාල භූමියේ ඉදිකිරීමට නියමිත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට නියමිත අතර එහි මුල් අදියර ලෙස හිස්ව පවතින එම භූමි භාගය ක්‍රීඩාංගණයකට සරිලන ආකාරයට සකස් කිරීම සිදුකෙරෙනු ඇත.

ඒ සඳහා වූ මූලික වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කිරීමට නියමිත අතර අනතුරුව අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට එය පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ පවතිනු ඇත.

අවබෝධතා ගිවිසුමට අනුව තණතීරු 6 කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යෑමේ පද්ධතිය, නවීන පහසුකම්වලින් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ඇත. වසර 18 ක කාලයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කොට තිබෙන අතර ක්‍රීඩාංගණයේ පාලනය දෙපාර්ශ්වයේම එකතුවෙන් සමන්විත කලමනාකාර කමිටුවක් විසින් සිදු කෙරෙනු ඇත.

එම ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියළුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලබන අතර මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.