පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලානය රියල් කණ්ඩායමට
- 2016-12-20 09:12:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලානය හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත්වූයේය. ඒ ජපානයේ පැවැති අවසන් මහ තරගයේදී කෂිමා ඇන්ට්ලර්ස් කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජයට පත්කරමිනි.මේ වසරේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රියල් කණ්ඩායම චැම්පියන්ස් ලීග කුසලානයත් ජයග්‍රහණය කිරීමට සමත්විය.
රියල් කණ්ඩායම තරගයේ පළමු අර්ථය අවසන් වන විටත් ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වූයේය.
තරගයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රියල් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 3ක් වාර්තා කිරීමට සමත්වූයේය. රියල් කණ්ඩායමෙන් වාර්තා වූ අනෙක් ගෝලය කරීමේ බෙන්සෙමා විසින් වාර්තා කරනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments