පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනයෙන් පන්දු යැවීමේ යන්ත්‍ර
- 2019-11-05 14:36:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගනු ලැබීය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කරන ලදී.
එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල් වලට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා ක්‍රියාකරවීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂත්වයක් ලෙසින් සැලකේ.
භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මෙම විදුලිය ආරෝපණය කර ගත හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ. ඒ අනුව එම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීමේ පළමු අදියර වශයෙන් අවසන් පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 බැගින් වූ පාසල් 16 සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගිවී සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments