Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ව්‍යවස්ථාවෙන් තමාට හිමි විය යුතු තනතුරු දෙකක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

මේ වනවිට එහි සභාපතිවරයා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා දිගින් දිගටම තම සංගමයට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු අනෙක් අසුනද ලබාදිය යුතු බව ලිඛිතව ඉල්ලීම් කර තිබිණි.

 ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ඔවුනට ආසන දෙකක් හිමිවිය යුතු අතර, එහෙත් මෙතෙක් එක් අසුනක් පමණක් හිමිව තිබේ. එම අසුනට වර්තමානයේ හිමිකම් කියනුයේ කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතායි. කෙසේ වෙතත් වත්මන් පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයාට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි නොවන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තුළ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන්ට හිමි දීමනා සහ වරප්‍රසාද හිමි වේ.

 මීට පෙර පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වූ අතර, උපසභාපති ධූරයක්ද හිමිව තිබිණි. නමුත් පසුගිය පරිපාලනයේදී පාසල් ක්‍රිකට් සංගමයේ ඡන්දය අහිමි කරමින් ඔවුන් නිරීක්ෂණ මට්ටමේ පමණක් තැබීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය. එම ව්‍යවස්ථා සංශෝධනයේදී පාසල් ක්‍රිකට් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අසුන් දෙකක් පිරිනැමුණු අතර, මේ වනවිටත් පාසල් ක්‍රිකට් සංගමයට ලැබී ඇත්තේ එක් අසුනක් පමණි.

මීට අවධානය යොමු කළ වත්මන් පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා පසුගිය මැයි මස 28 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් තම සංගමයට ක්‍රිකට් විධායක කමිටුව තුළ හිමිවිය යුතු අසුන් දෙක ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එහෙත් තවමත් මෙම ගැටලුවට ක්‍රිකට් විධායක කමිටුවෙන් හෝ වත්මන් ක්‍රිකට් පරිපාලනයෙන් විසඳුමක් ලබාදී නැතැයි පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙකු 'අද'ට පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.