පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය
- 2019-01-10 15:53:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල් සඳහා අවශ්‍ය ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර, එහිදී මේසඳහා අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව යොමුකර ඇති අතර, ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා සියල්ල අවසන් කර තිබුණා. නමුත් පළාත්සභා විසින් මෙම නිලධාරීන් බඳවාගැනීමට එකඟතාව ලැබුණේ නැහැ. මේනිසා මොවුන් අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවාගෙන පසුව පළාත් සභා පළාත් සඳහා යොමුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා" යැයි පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments