පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් සියලුදෙනාට මැයි මාසයෙන් පසු පත්වීම්
- 2019-04-08 10:29:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සඳහා බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් සියලුදෙනා හට එළඹෙන මැයි මාසයෙන් පසු පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපි පහුගිය කාලේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගත්තා. ඒක ප්‍රමාද වුණා. නමුත් දැන් පත්වීම් ඔක්කොම ගහල තියෙන්නේ. මේ පුහුණුකරුවන් පාසල් සියල්ලට බෙදා දෙන්න මේ අවුරුද්දේ මැයි මාසයෙන් පස්සේ හැකියාව ලැබෙනවා.
මේ මැයි මාසයෙන් පස්සේ එම ක්‍රීඩා පුහුණුකරුවන් සියල්ලටම ස්ථීර වශයෙන්ම පත්වීම් ලබාදීලා හොඳ පුහුණුවක් ලබාදීලා පාසල්වලට බෙදා දෙනවා." යැයි පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments