Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

z_spo350එම්.ඒ.එස් ආයතනය මගින් පාසල් බොක්සිං ක්‍රීඩකයින් ජාතික තලයට රැගෙන ඒම සදහා සිදු කළ ඇති කළ පුහුණු වැඩමුළුව සාර්ථක බවත් ඉදිරියේදී ඒ සඳහා තෝරා ගන්නා පිරිස වැඩි කරනා බවත්  ශ්‍රී  ලංකා බොක්සිං සම්මේලනයේ සහකාර  භාණ්ඩාගාරික රුවන් කෑරගල මහතා පැවසීය. කොළඹ මහානාම විදුහලේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පැවසීය.

මෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින් මෙම වැඩසටහනින් උපකාර ලබා දුන් ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ රුක්මාල් ප්‍රසන්න පසුගියදා යුරෝපානු යොවුන් බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් බවත් එය වසර 10 කට පසු ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රීඩකයෙකුට අන්තර්ජාතික තරගයකදී පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

ආරම්භයේදී ළමුන් 12 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම වැඩසටහන මේ නිසා  ඉදිරියේදී ළමුන් 20 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව  ඒ මහතා මෙහිදී පැවසීය.

මේ යටතේ පාසල් මට්ටමින් දක්ෂතා දක්වන ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට මහනුවර පල්ලෙකැලේ මාස් (ලීනියා) ආයතනයේදී නේවාසික පුහුණුවක් ලබා දීමට නියමිත ය. ada.lk

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.