පේරාදෙණිය සරසවියේ කණ්ඩායමක් එවරස්ට් තරණයට යයි
- 2016-10-25 12:39:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් තිදෙනෙකු හා අධ්‍යන උපදේශකයෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයකට එක්ව තිබේ. එම විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 12 වැනි වරට මෙවර හිමාල තරණය සංවිධානය කොට තිබේ.
මෙවර ඒ සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ III වැනි වසරේ සිසුවියක්ද එක් සිටියි.
විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ III වැනි වසරේ ඔමේෂා ජයමිනි සිල්වා, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ I වැනි වසරේ ප්‍රණාම මතගවීර, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසු සකුන් උපේක්ෂණ, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ මෙම කණ්ඩායමට එක්ව සිටිති.
ලබන 28 වැනිදා කත්මණ්ඩු නුවරදී පෙර සූදානම්වීම් වී 29 වැනිදා කත්මන්ඩු සිට සැලරි දක්වා ගමන් කර සැලරි සිටි මීටර් 2720 ක් රින්ග්මු ඔස්සේ නොවැම්බර් 15 වෙනිදා එවරස්ට් බේස් කැම්ප් දක්වා යෑමට කණ්ඩායම අපේක්ෂා කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී/චමිල් රූපසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments