බංග්ලාදේශයට වාර්තා ගත ජයක්
- 2019-06-18 12:01:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශය තම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ වාර්තාව පිහිටුවමින් කොදෙව්වන්ට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය.
ඊයේ (17දා) පැවැති තරගයේ කොදෙව්වන්ගෙන් එල්ල වූ ලකුණු 322ක ඉලක්කය පන්දුවාර 41.3කදී කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ සමත්විය.
බංග්ලාදේශ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් නොදැවී ලකුණු 124ක් රැස්කළ අතර ලිටොන් දාස් නොදැවී ලකුණු94ක් රැස්කළේය.
ඔවුන් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 189ක නොබෙඳුණු සබඳතාවක්ද පැවැතියේය.
තරගයේ වීරයා ලෙස ශකිබ් අල් හසන් සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments