Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා ‌ එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ඒ අනුව ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරීව ක්‍රිඩා කරමින් සිටින විට එරට පාර්ලිමේන්තුවට පත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මොටාසා වාර්තා අතරට එක්වෙයි.

ඊයේ ප්‍රථිඵල නිකුත් වූ බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ආසනයෙන් 96%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට මොටාසා සමත්විය.

ඔහු මැතිවරණය ජයග්‍රහණය කළ අවාමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීය.

මොටාසා පසුගිය නොවැම්බර් මාසයේදී ක්‍රියාකාරී දේශපාලනට පිවිසි අතර නිල වශයෙන් පසුගිය 22 දා මැතිවරණ කටයුතු ආරම්භ කළේය.

ඔහු කෙටි කාලයක් තුළ මැතිවරණය ජයගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය. අවාමි ලීගය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කළ අය අතර බංග්ලාදේශ පළමු ටෙස්ට් නායක නයිමූර් රහමාන්, බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන්ද වෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.