Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බස්නාහිර පළාත් අධ්‍යාපන හා ශාරීරික අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ බාලිකා හොකී තරගාවලිය කොළඹ ශා.පීතර විද්‍යාල ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්විණ.

මෙම තරගාවලියේ අවසන් තරග කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටියේ පැවැත්විණ. මූලික වටයේ තරගවලදී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය හොකී කණ්ඩායම කොළඹ කාන්තා විද්‍යාලයීය හොකී කණ්ඩායම පරදවා ගෝල 2-0 ලෙසත්, මියුසියස් විද්‍යාලයීය හොකී කණ්ඩායම පරදවා ගෝල 2-0 ලෙසත් ජයග්‍රහණය ලබාගෙන තිබේ.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය හොකී කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයග්‍රහණය ලබාගෙන ඇති අතර අවසන් පූර්ව තරගයේදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය හොකී කණ්ඩායම පරදවා ගෝල 2-0 ලෙසත් ජයග්‍රහණ ලබා තිබේ. අවසන් තරගය පානදුර සුමංගල බාලිකා කණ්ඩායම හා නාවල ජනාධිපති බාලිකා කණ්ඩායම අතර  පැවැත්විණ. එම තරගයේදී කණ්ඩායම් දෙකම කරට කර තරග කර ජය පරජයෙන් තොරව අවසන් වූ නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාවය පිරිනැමිණි.

IMG_0002

 

 

 

 

 

 

 

 

 

 

 

 

නාවල ජනාධිපති බාලිකාවෝ හොකීවලින් දස්කම් දක්වති

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මිහින්තලේ රජරට විශ්වවිදයාල ක්‍රීඩා පිටියේදී පවත්වන ලද වයස අවුරුදු 17න් පහළ සමස්ත ලංකා පාසල් බාලිකා හොකී තරගාවලියේදී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය හොකී කණ්ඩායම සුවිශේෂී දස්කම් දැක්වූහ. මූලික වටයේ තරගවලදී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය හොකී කණ්ඩායම මහනුවර මහාමායා විද්‍යාල හොකී කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙසත් ජයග්‍රහණ ලබාගෙන තිබේ.

IMG_0002-2

 

 

 

 

 

 

 

 

 

අර්ධ අවසන් පූර්ව තරගයේදී විජයපාල විද්‍යාල හොකී කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙසත් ජයග්‍රහණ ලබාගෙන ඇති අතර, අවසන් පූර්ව තරගයේදී මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයීය හොකී කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයග්‍රහණ ලබාගෙන තිබේ. අවසන් තරගය පානදුර සුමංගල බාලිකා කණ්ඩායම සමග පවත්වා ඇති අතර එම තරගයේදී කණ්ඩායම් දෙකම දක්ෂ ලෙස තරග කර ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාවය  ලබාදී තිබේ. මෙම තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නිය ලෙස ජනාධිපති  බාලිකා විද්‍යාල කණ්ඩායමේ මෝක්ෂා චමෝදි කිරුළ හිමිකර ගෙන තිබේ. ජනාධිපති බලිකා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දිලිනි සුභාෂිනි ක්‍රීඩිකාව දරා ඇති අතර එම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පුහුණුකරුවෙකු එන්.ඒ. පෙරේරා කටයුතු කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.