බස්නාහිර (පිරිමි) හා වයඹ (කාන්තා) පළාත් රන් පදක්කම් දිනයි
- 2019-09-19 10:58:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා (17දා) අවසන් විය. මෙහිදී කාන්තා රන් පදක්කම වයඹ පළාත විසින් හා පිරිමි රන් පදක්කම බස්නාහිර පළාත විසින් දිනා ගැනීමට සමත් විය.
මෙහි පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වූයේ අවසන් තරගයේදී සබරගමුව පළාත පරාජය කරමිනි. රන් පදක්කම වෙනුවෙන් ඉතා තියුණු සටනක් පැවති මෙම තරගය, තරග වට 3/1ක් ලෙස අවසන් විය.
මෙහි පළමු වටය 25/14ක් ලෙස බස්නාහිර කණ්ඩායම ජය ගත් අතර, දෙවැනි වටයද 28/26ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් සබරගමුව කණ්ඩායම තෙවැනි වටය ජය ගත්තේ 40/38ක් ලෙස සටන්කාමී තරග අවසානයකිනි. නමුත් සිවුවැනි වටය 25/21ක් ලෙස ඔවුන් පරාජය වීමත් සමග රන් පදක්කම සබරගමුවෙන් ගිලිහී ගියේය. පිරිමි ලෝකඩ පදක්කම ඌව පළාත දිනාගත්තේය.
මේ අතර කාන්තා අංශයේ රන් පදක්කම වයඹ පළාත දිනා ගත්තේ අවසන් තරගයේදී තරග වට 3/1ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම පරාජය කරමිනි. මෙහිදී පළමු වට දෙක 25/19 හා 25/14ක් ලෙස පහසුවෙන් ජය තහවුර කර ගැනීමට වයඹ කණ්ඩායමට හැකිවිය. නමුත් තෙවැනි වටය 25/23ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම ජය ගත්තද, ඔවුන්ට සිව්වැනි වටය 25/22ක් ලෙස පරාජය වීමත් සමග තවදුරටත් තරගයේ රැඳී සිටීමට නොහැකි විය. කාන්තා ලෝකඩ පදක්කම සබරගමුව පළාත දිනාගත්තේය.
මේ අතර මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ ජනිත සුරත් සම්මාන දිනාගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාත නියෝජනය කළ දිනේෂා ප්‍රසාදිනී සම්මාන දිනා ගත්තාය.
45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය එළඹෙන ඔක්තෝබර් මස බදුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
අද පුවත්පත ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments