බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් යානයක් අනතුරකුට
- 2016-11-29 12:42:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි. අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ගමන් කරමින් සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කොළොම්බියාවේ හෙට (30දා) පැව්ත්වීමට නියමිත කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට සඳහා බ්‍රසීලයේ කාපෙකොන්සේ පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයක් මෙසේ අනතුරකට ලක්ව තිබේ. ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන බී.බී.සී. පුවත්සේවය පවසන්නේ අනතුරෙන් කිසිවෙකු බේරී ඇත්දැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි. අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments