Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාසිලෝනා කණ්ඩායම හා පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම අතර ඊයේ (08දා) ස්පාඤ්ඤයේ පැවැති චැම්පියන්ස් ලීග පාන්දු තරගාවලියේ තරගයකින් ලෝකයම මවිත තරමින් විස්මිත ජයක් ලැබීමට බාසිලෝනා කණ්ඩායම සමත්විය. ඒ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම පරාජය කර ගෝල 6-1ක ජයක් ලබා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වෙමිනි.

මෙම තරගය අදියර දෙකක් යටතේ පැවැති අතර එහි පළමු අදියර ප්‍රංශයේද මීට ඉහතදී පැවැති අතර එහිදී බාසිලෝනා කණ්ඩායමට එරෙහිව ගෝල 4-0ක ජයක් පී.එස්.ජී. කණ්ඩායම ලබාගත්තේය.

ඒ අනුව තරගාවලියේ ඉදිරියට යෑමට බාසිලෝනා කණ්ඩායමට ඊයේ පැවැති තරගයේදී පී.එස්.ජී. කණ්ඩායම වාර්තා කරන ගෝල සංඛ්‍යාවට වඩා අනිවාර්යයෙන්ම ගෝල 5ක් වාර්තා කිරීමට අවශ්‍ය විණි. ඊයේ පැවැති තරගයේ පළමු අර්ධයේදී බාසිලෝනා කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. ඒ බාසිලෝනා කණ්ඩායමේ ලුයිස් සුවාරෙස් වාර්තා කළ ගෝලයක් පී.එස්.ජී. කණ්ඩායමේ කුර්සාවා බාසිලෝනා කණ්ඩායමට ලබාදුන් ඔවන් ගෝලයත් හේතුවෙනි. ඒ අනුව සමස්ත ලකුණු සංඛ්‍යාව 4-2ක් ලෙස දැක්වූයේ තරගාවලියේ තවදුරටත් පී.එස්.ජී කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

බාසිලෝනාව වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ ලයනල් මෙසී තරගයේ 50 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත්වෙමින් තරගයේ ලකුණු ගෝල සංඛ්‍යාව 3-0ත් සමස්ත ගෝල සංඛ්‍යාව 4-3ක් ලෙසත් රැගෙන ආවේය.

කෙසේ වෙතත් පී.එස්.ජී. කණ්ඩායමේ කැවෙනි තරගයේ 62 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගනිමින් තවදුරටත් පී.එස්.ජී. කණ්ඩායම සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන ආවේ 5-3ක් ලෙසිනි. ඉන් අනතුරුව විනාඩි 25ක්ම දෙපිළටම ගෝල වාර්තා කිරිමට නොහැකිවිය.

කෙසේ වෙතත් තරගයේ අවසන් භාගයේදී බාසිලෝනා කණ්ඩායම ආක්‍රමණශීලී තරග විලාසයක් පෙන්නුම් කරමින් ප්‍රතිවාදී දැල ආක්‍රමණය කළ අතර අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වූ නේමාර් ද සිල්වා තරගයේ 88 වැනි විනාඩියේදීත්, 91 වැනි විනාඩියේ දී දඬුවම් පහරකිනුත් ගෝල දෙකක් වාර්තා කළේ සමස්ත ලකුණු සංඛ්‍යාව 5-5ක් බවට පත්කරමිනි.

එහිදී විනිසුරුවන් විසින් අමතර විනාඩි 5 ක් ලබාදුන් අතර, එහිදී බාසිලෝනා කණ්ඩායමේ සර්ජියෝ රොබේටෝ ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමග තරගයේ ගෝල සංඛ්‍යාව 6-1ක් ලෙසත් සමස්ත ගෝල සංඛ්‍යාව 6-5ක් ලෙසත් බාසිලෝනා කණ්ඩායම පෙරමුණ ගනිමින් නිමාවට පත්වූයේ පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ආගමනයක් සටහන් කරමිනි. 

3E14FF6E00000578-4295170-Matuidi_appeals_as_he_is_held_back_by_Barcelona_midfielder_Sergi-a-58_1489023488715 3E15B4EA00000578-4295170-Lionel_Messi_celebrates_with_the_home_fans_after_Barca_pulled_of-a-33_1489023487961 3E15B31900000578-4295170-The_youngster_runs_off_in_celebration_as_Barca_came_back_from_a_-a-29_1489023487898 3E15BA1100000578-4295170-Neymar_leaps_into_his_manager_Luis_Enrique_s_arms_after_Barca_re-a-35_1489023487978 3E15BD8400000578-4295170-Neymar_drops_to_his_knees_in_celebration_after_Barcelona_beat_PS-a-37_1489023487979 3E15C70900000578-4295170-image-a-28_1489023487876 3E15F3FD00000578-4295170-The_match_winner_is_surrounded_by_his_jubilant_team_mates_after_-a-31_1489023487899 3E1511C200000578-4295170-Messi_attempts_to_spin_past_the_challenge_of_PSG_winger_Julian_D-a-67_1489023489034

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.