බාළිකා ක්‍රිකට් තරගවලට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂයක්
- 2018-04-18 11:32:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසරේ බාලිකා පාසල් තිහක (30) මහා ක්‍රිකට් තරග සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට තීරණ කර තිබේ. ක්‍රිකට් ආයතනය මීට අනුග්‍රහය දක්වන්නේ දෙවැනි වරටය.
සෑම තරගයක්ම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂය බැගින් පිරිනමන අතර, ඊට අමතරව තරග විනිසුරුවන්ට හා ලකුණු සටහන්කරුවන්ටද දීමනා ලබාදේ.
බාලිකා ක්‍රිකට් මහා තරග සඳහා පමණක් ක්‍රිකට් ආයතනය මේ වසරේ රුපියල් මිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ. මීට අමතරව මහා තරගවලට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට ක්‍රීඩා උපකරණද බෙදා දෙන බව ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ ප්‍රධානී අප්සාරී තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments