Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ඊයේ (30දා) දින දන්වා ඇත. සැප්තැම්බර් 23 සිට පැවැති  තහනම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නියෝජිත පිරිසක් ඩුබායි හිදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇත.

ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වනදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබූණි. එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.

 ඩුබායිදී පැවැති සාකච්ඡාවලදි මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබිණි.

 මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේ, නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත් එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම්කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.

 ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අහිමිවීමේ අවධානමක් තිබූ එම අවධානමද මින් ඉදිරියට පහව යනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.