බොක්සිං ක්‍රීඩක ඉන්දිකට තහනම් උත්තේජක චෝදනා
- 2019-02-14 16:05:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරු වී තිබේ.
එම තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ ශුරතාව හිමිකර ගැනීමටත් ඉන්දික සමත්විය.
එම අවසන් තරගය පැවැති සැප්තැම්බර් 29 දා ඔහුගෙන් ලබාගත් මුත්‍රා සාම්පල ඉන්දියාවේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදි ඔහු තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.
මේ අනුව ඉන්දිකට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර මේ සඳහා බී සාම්පල පරීක්ෂාවක් කරන්නේද යන්න පිළිබඳව විමසීම සඳහා ඉන්දිකට අද දිනයේදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය වෙත වාර්තා කරන ලෙස දන්වා තිබේ.
ඉන්දික (වමේ) ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ ජයග්‍රහණයෙන් අනතුරුව.
Reply To:
Name - Reply Comment
0 Comments