මත්පැන් තහනමින් පසු පාසල් රග්බි තරග අද සිට
- 2018-05-28 14:43:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් රග්බි තරඟාවලි පවතින අතර තුර හටගත් කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දැඩි කොන්දේසි යටතේ නැවතත් අද (28 දා) සිට පැවැත්වීමට තීරණය කර තිබේ.
පසුගිය තරඟාවලි අතර සිදුවූ ගැටුම් වීඩියෝ දර්ශණවලින් නැරඹීමෙන් අනතුරුව මේ සම්බන්ධව පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක මහතාගෙන් විමසන ලදි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පැමිණිල්ලක් සිදු කලහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.
එම මොහොතේම අමාත්‍යවරයා පාසල් රග්බි සංගමය වෙත අදාළ සිදුවීම පිළිබද පොලීසිය වෙත පැමිණිලි කරන ලෙස නියෝග කරන ලදි. සිදුවීම සම්බන්ධව සියළු වීඩියෝ පට පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් දෙන ලදි.
කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා වැරදිකාරයන් සඳහා ඇප ලබාදීමට පොලීසිය පාර්ශවයෙන් විරෝධතාවය දක්වන වන ලෙසද කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත.
පාසල් රග්බි ක්‍රීඩා තරඟාවලි පැවැත්වෙන අතර මෙවැනි ගැටුම්කාරී තත්වයන් උද්ගතවීමට මත්පැන් භාවිතා කිරීම මූලික හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඒ අනුව මින් ඉදිරියට පවත්වන කිසිදු පාසල් රග්බි තරඟාවලියක් සදහා ක්‍රීඩාංගණය තුළ හෝ ඒ අවට මත්පැන් අලෙවිය තහනම් කරන ලදි.
ක්‍රීඩා පිටිය වෙත මත්පැන් ගෙන ඒම හා මත්පැන් පානය කර පැමිණීම වැළැක්වීම සිදු කල යුතු අතර ඒ සදහා විදුහල්පති, ක්‍රීඩා භාර ගුරුවරුන්, ආදිශිෂ්‍යයන්, සංගම් හා තරඟ සංවිධායකයින් ඇතුළු සියළු පාර්ශවයන්ගේ සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
පසුගිය කාලයේදී කළහකාරී ලෙස හැසිරුනු කාඩ්බෝඩ් වීරයන් ඉදිරි තරඟාවලි නැරබීම සඳහා පැමිණීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කරන ලදි.
එම අවස්ථාවේ ගැටළුවක් ලෙස හඳුනාගත් තරඟාවලි සඳහා සහභාගීවන රග්බි විනිසුරුකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටත්, ඔවුන්ගේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා ඒ මොහොතේ ප්‍රකාශ කරන ලදි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments