මලින්දගෙන් වාර්තාවක්
- 2019-01-07 14:36:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.
කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට මලින්ද සමත්විය.
නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මලින්ද අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.. ඉනිමක් තුළ මීට පෙරදී ශ්‍රි ලංකාව වෙනුවෙන් 1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම දක්ෂතාව දක්වා තිබුනි ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කලුත කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි.
එසේම මලින්ද මෙම තරගයේදී පළමු පෙළ කඩුලු 700 සීමාව ඉක්මවා යෑමටත් සමත්ව ඇත. තරගයෙන් ලකුණු 236ක ජයක් කොළඹ කණ්ඩායමට හිමිවිය.
Reply To:
Name - Reply Comment
0 Comments