මස්ටෑන්ග් කිරුළ රාජකීය විදුහලට
- 2019-03-18 14:36:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම පරදා වසර 06කට පසු වාර්ෂික එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) පැවැත්විණි.
දෙවිදුහල් අතර වාර්ෂික නිල් මහ සටනට සමගාමීව මස්ටෑන්ග් කුසලානය වෙනුවෙන් මෙම තරගය පැවැත්වෙන අතර, මෙවර පැවැත්වූයේ 44 වැනි වරටය. මෙම කුසලානය රාජකීයයන් විසින් අවසන් වරට ජය ගත්තේ 2013 වර්ෂයේදීය.
තරගයේ ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජකීයයන් තරගය නිමා වීමට තවත් පන්දුවාර 02ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණ ලකුණ පසු කිරීමට සමත්විය. රාජකීය කණ්ඩායමට අවසන් මොහොතේදී ශක්තියක් වූ ළහිරු මධුෂංක පන්දු 17ක් තුළදී වේගවත් ලකුණු 46ක් රැස් කළේ හයේ පහර 06ක් හා එක් හතරේ පහරක් සහිතවයි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශා.තෝමස් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 255ක් රැස් කළහ. තරගයේ වීරයා සම්මානය ළහිරු මධුෂංක විසින් හිමිකර ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments