Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක , සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව ක්‍රියා කරමින් සිටියි.

ජාතීන් අතර සමගිය සංහිඳියාව හා යහ පැවැත්ම මාතෘකා කර ගනිමින් සමගියේ ධාවනය 2020 (යුනිටි රන් 2020 ) නමින් නම් කොට ඇති මෙම මැරතන් තරගාවලිය දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත් වීමට නියමිත බවයි සංවිධායකයන් පවසා සිටින්නේ.

නගරයේ වීදි කේන්ද්‍ර කරගනිමින් වයස අවුරුදු 15 න් පහළ බාලක බාලිකා කිලෝ මීටර් පහක දුරකින් යුත් මැරතන් තරගයක් ද, වයස අවුරුදු 15 සිට 19 දක්වා බාලික බාලිකා කිලෝමීටර් 12 කින් යුතු මැරතන් තරගයක් ද වයස අවුරුදු 19 න් ඉහළ කිලෝමීටර් 21 කින් යුතු විවෘත තරගයක් වශයෙන් ද මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය .

තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්  වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වන අතර මාර්තු මස 12 වැනිදා ට ප්‍රථම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව ද සංවිධායකයෝ පවසති. සියලුම තරඟ මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට දී ආරම්භ වන අතර මහනුවර නගරයේ වීදි කටුගස්තොට පාර සහ පේරාදෙණිය පාර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

ෂේන් සෙනෙවිරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.