.
මහවැලි කලාප 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීමේ අරමුණින් 29වැනි වරටත් ක්‍රියාත්මක වන 2017 මහවැලි ක්‍රීඩා උළෙල 09 සහ 10 දෙදින පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය කරන අවසන් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ආරම්භක උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ. මෙවර මහවැලි ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගි වෙති.