මහවැලි ක්‍රීඩා ගිනි සිළුව ගමන් අරඹයි
- 2018-09-06 12:19:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්‍ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් රථ පෙරහර අද (06දා) පෙ.ව 6.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ගමන් අරම්භ කර තිබේ.
කිලෝමීටර් 1111ක මග ගෙවා මහවැලි ගම්මාන 111ක් පසු කරමින් කොළඹ සිට ඇඹිලිපිටිය මෙය ගමන් කරනු ලබයි.
30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. %ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්^ තේමාව යටතේ පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10ක ක්‍රීඩක ක්‍රිඩිකාවන් 3,000ක් පමණ එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ක්‍රීඩක ක්‍රිඩිකාවන්, පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරීන් මෙන්ම විනිසුරුවන් රැසක් බිහි කළ දිවයිනේ පැරණිතම ක්‍රීඩා උළෙලක් ලෙස මහවැලි ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය. මීට වසර 32කට පෙර එනම් 1986 වසරේදී මෙම ක්‍රීඩා උළෙල ආරම්භ කෙරුණු අතර, කලාප 07කින් ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උළෙල මේ වනවිට කලාප 10ක් දක්වා ව්‍යාප්තවී තිබේ.
1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ ක්‍රීඩා උළෙල එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැත්වේ. 2013 සහ 2014 වසරවල ක්‍රීඩා උළෙල නොපැවිත්විණි. නමුත් නව රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවත ක්‍රීඩා උළෙල ආරම්භ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම රැඳවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මහවැලි කෙළිබිමෙන් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශ්‍රියානි කුලවංශ මහවැලි එච්. කලාපය නියෝජනය කරමින් ජය ලබා ආසියනු පදක්කම දක්වා පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා පාපැදි ශූරියක වන යූ.ඩී. ශ්‍රියාලතා, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශ්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි ක්‍රීඩා උළෙල ඔස්සේ බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි.
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කලාපයේ ක්‍රීඩකයෙකු වන අතර, ඔහු මහවැලි කලාපවලින් මෑතකදී බිහිවූ ක්‍රීඩකයෙකි.
මෙවර මහවැලි ක්‍රීඩා උළෙලේ පළමු ස්ථානයට පත්වන මහවැලි කලාපයට ශාරිරික සුවතා මධ්‍යස්ථානයක් ලබාදීම, හොදම ක්‍රීඩක ක්‍රීඩිකාවට මහවැලි ඉඩමක් ලබාදීම, සුවිශේෂ දක්‍ෂතා ප්‍රකට කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්ව, විශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් වෙත රැකියා අභිමුඛ පාඨාමාලා, හොඳම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහිකරන පාසලට ක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
Reply To:
Name - Reply Comment
0 Comments