මාලිංගට විස්සයි20 කණ්ඩායමේත් දොර වැසෙයි
- 2017-12-16 08:52:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියෙන් ලසිත් මාලිංග විවේක ගැන්වීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද (15දා) නිවේදනය කළ අතර කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා නම්කර තිබේ.
ආබධයකින් අනතුරුව නැවතත් එක්දින තරගාවලියට එක්වූ අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා සංචිතයට නම් කර තිබේ. කෙසේ වෙතත් මෑත කාලිනව විස්සයි20 පිටියේ තරමක දක්ෂතාවක් පෙන්නූ ඩිල්ෂාන් මුණවීර සංචිතයට ඇතුළත්ව නොමැත.
එසේම ඉන්දීය තරගාවලියේ මේ දක්වා කැපී පෙනෙන පන්දු යවන්නෙකු බවට පත්වූ සුරංග ලක්මාල්ද සංචිතයෙන් ඉවත්කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments