මාලිංග කැනඩාවේ විස්සයි20 තරගාවලියකට
- 2018-06-06 14:10:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැනඩාවේදී පැවැත්වීමට නියමිත ග්ලෝබල් T20 කැනඩා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් 04ක් ඇතුළත්ව සිටියි.
ඒ අනුව ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරට ඇතුළත්ව තිබේ.
මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් වන ඕස්ට්‍රේලියානු තරග තහනමකට ලක්ව සිටින ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් සහ ස්ටිව් ස්මිත්ද ක්‍රීඩා කිරීමට නියමිත අතර , ක්‍රිස් ග්‍රෙල්, ඩැරන් සමී, ෂහීඩ් අෆ්‍රිඩි යන ක්‍රීඩකයන්ද ඇතුළත්ව සිටියි.
මෙම තරගාවලිය එළඹෙන 28 වැනිදා සිට ජූලි 15 දක්වා කැනඩාවේදී පැවැත්වෙන අතර මේ සඳහා කණ්ඩායම් 06ක් තරගවැදීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments