මාලිංග විශ්‍රාම ගැනීම ගැන කියයි
- 2019-06-30 15:59:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමන් ඉදිරි මාස දෙක තුළදී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවත්, ක්‍රිකට් ආයතනයේ දැක්ම හා තමන්ගේ දැක්ම එකිනෙක සැසඳුනොත් 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ලසිත් මාලිංග සඳහන් කරයි.
එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අතරතුළදී බී.බී.සී සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ක්‍රිකට් වලට කරපු හානිය කියලා නිම කරන්න බෑ. හොඳ තේරිම් කමිටුවක් ඇවිත් ඉන්නවා.හොඳ ක්‍රීඩා ඇමතිලා ඇවිත් ඉන්නවා. තව ඉස්සරහට එයි. තව මාරු වෙලා යයි. තව අලුත් කට්ටිය එයි. තව අලුත් දැක්මක් තියෙන කට්ටිය එයි.
බලන්න මේ අය පසුගිය කාලේ කරලා තියෙන්නේ මොනවද? ක්‍රිකට් ක්‍රීඩාවට හානි කරලා තිබෙනවාද? එහෙනම් ආයේ එන්න දෙන්න හොඳ නෑ. මාධ්‍යක් ලෙස කරන්න ගොඩක් දේවල් තිබෙනවා. වගකීම බාර ගන්න.
මම දැන් සටන් කළා. සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.
අපි දැන් සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කරන්න ඕන. මම දාලා යන වෙලාවක සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කරන එක දුකක්. සුදුසුකම් ලැබීමේ වටයෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලබලා ඉවත් වෙන්න පුළුවන් නම් මට ඒක හොඳටම ඇති.
ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳූනොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි.
මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න.
නුවන් කුලසේකරත් මාත් සමග අවුරුදු 10ක් ක්‍රීඩා කළා. මම හිතනවා ඔහුටත් එක තරගයක් හම්බවෙයි කියලා ක්‍රීඩාවෙන් සමුගන්න. මොකද ඔහු ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1කේ හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා. ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයේ සමුගන්න. මම ඒකට ගොඩක් උත්සාහ කරලා තියෙන්නේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වෙයි කියලා.
එහොම වුණොත් ලංකාවේ පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් හෝ නවසීලන්ත සංචාරයෙන් මගේ ක්‍රිකට් ගමන නවතීවි.
දැන් මට අවුරුදු 36යි. මගේ ඇඟේ තියෙන ශක්තිය දැන් එහෙම නැහැ. තරගයකදී මට තියෙන දෙයින් මම උපරිම ප්‍රයෝජන ගත්තට මට පරාජය කරන්න තරම් ශක්තියක් දැන් නැහැ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න මගේ කාලේ හරි.
අපි දැන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි ස්ථානය ඉන්නේ මම ක්‍රීඩාකරන මේ අවසන් මාස කිහිපයේ 7 වෙනි ස්ථානය දක්වාවත් ඉස්සරහට ගේන්න පුළුවන් නම් මට ඒක ලොකු සතුටක්.
අපි මෙච්චර පල්ලෙහාට වැටිලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ නෙවෙයි. අපි ශ්‍රේණිගත කිරීම්වල 2,3,4 ගොඩක් ක්‍රීඩා කළේ. ඉතින් ඒ ගැන දුකයි. හැබැයි මම හිතන්නේ නැහැ මෙතනින් එහාට යන්න පුළුවන් වෙයි කියලා."
Reply To:
Name - Reply Comment
0 Comments