මාලි 26දා එක්දින පිටියෙන් සමුගනියි
- 2019-07-23 12:48:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජුලි 26 දා බංග්ලාදේශ හා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ෆේස්බුක් සජීවී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවයි.
“බංග්ලාදේශය හා පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පසුව මම එක්දින පිටියෙන් සමුගන්නවා. මම ඒ ගැන ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. ගොඩක් හොඳ ප්‍රතිචාරයක් දක්වලා මගේ කැමැත්තට ඉඩ දුන්නා.
අවුරුදු 16ක් මම ශ්‍රි ලංකාව නියේජනය කළා. මගේ අභියෝග ජයගන්න, සෑම කෙනෙක් එක්කම ෆයිට් කරලා මගේ දක්ෂතාවය මතම කණ්ඩායමේ රැදෙන්න සියලු දෙනාගේම ශක්තිය මට ලැබුණා. ඒ ගැන මට සතුටුයි.
හැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.
මාව කණ්ඩායමේ එළියට දාන්න එකතුවෙලා හරි අන් අයගේ කීමට හරි උත්සාහ දරපු සියලු දෙනාට මම අනුකම්පා කරනවා.
දක්ෂතාවය මත පමණයි කණ්ඩායමේ රැදිය යුත්තේ. මම හිතනවා ඒක ක්‍රිඩකයෙක් ලෙස මම සෑහෙන සාර්ථකව ඉටුකළා කියලා.”
Reply To:
Name - Reply Comment
0 Comments