Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වාර්ෂිකව පවත්වන ‘මැක්සීස් ස්පාටින් 4x4‘ අභියෝගතා තරගාවලිය පසුගිය සතිඅන්තයේදී වෙන්නප්පුව නයිනමඩම දමිල් හොලිඩේ රිසෝට් හි පැවැත් විණි. මීට පෙර 4x4 තරගාවලියක නොතිබූ විශේෂිත තරග ඉසව් කිහිපයක්ද මෙවර තරගාවලිය සඳහා ඇතුළත් කර තිබුණ අතර, දිවයිනේ ප්‍රමුඛ පෙළේ 4x4 ධාවකයන් රැසක්ද ඒ සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණි.

මෙවර තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගනු ලැබුවේ රියදුරු සුරේෂ් චතුරංග හා සහයක රියදුරු ලෙස කටයුතු කළ රවින්ද්‍ර සංජීව තරග කළ අංක 18 රථයයි. එහි දෙවැනි ස්ථානය හිමි වූයේ රියදුරු වජිර කුමාර හා සහයක රියදුරු සම්පත් රණසිංහ තරග කළ අංක 20 රථයයි. තුන්වැනි ස්ථානය රියදුරු ඉන්දික සංජය හා සහයක රියදුරු නවීන් මාරපන තරග කළ අංක 11ක රථයට හිමි විය.

මෙම ජයග්‍රහකයන් 3000CC තරග ඉසව්වේද ජයග්‍රහකයන් වූ අතර, සමස්ත 3000CC තරග ඉසව්වේ ශූරතාව රියදුරු සරංග ගුණවර්ධන හා සහයක රියදුරු මාධව දිසානායක තරග කළ අංක 15 රථය හිමි කරගත්තේය. එහි දෙවැනි තැන රියදුරු චමින්ද දරිජු හා සහයක රියදුරු හසිත ගයාන් තරග කළ අංක 19 රථයටත්, තුන්වැනි ස්ථානය රියදුරු ගයාන් පුෂ්පකුමාර හා සහයක රියදුරු ඩී.ගුණතිලක තරග කළ අංක 10 රථයටත් හිමි විය. 

මෙවර තරගාවලියේ ජයග්‍රහකයන්ට වටිනා මුදල් ත්‍යාග හා කුසලානද මෙහි දී ජයග්‍රහකයන්ට පිරිනමන්නට සංවිධායකයන් කටයුතු කර තිබුණ අතර, තරගාවලි සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය %මැක්සීස් ටයර්ස්^ ආයතනය විසින් සපයා තිබුණි.

ඡායාරූප- චානුක කුලසේකර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.