මැතිව්ස්ට සම්මාන තුනක්
- 2016-12-01 13:52:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් සමාගම හා එක්ව සංවිධානය කරන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ජනතාවගේ ක්‍රීඩාකයා ලෙසින් ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සම්මාන ලැබීය. ඒ අනුව වසර හයක් පිට පිටම අඛණ්ඩව ජනතාවගේ ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබූ කුමාර් සංගක්කාරගේ වාර්තාව බිදවැටුණු.
වසරේ ක්‍රිකට් ක්‍රිඩකයා ලෙසින් නායක ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය. ඔහුට සම්මාන තුනක් හිමිවිය. මෙම උත්වසයේ විශේෂිත ආරාධිත අමුත්තා වශයෙන් පාකිස්තායේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් එක්ව සිටියේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මාන රාත්‍රිය ඊයේ (30දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ.
අනෙකුත් සම්මාන
වසරේ එක්දින පන්දු යවන්නිය - ඉනෝකා රණවීර
වසරේ විස්සයි20 පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්
වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස්
එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග
වසරේ එක්දින පිතිකරු - කුමාර් සංගක්කාර
Reply To:
Name - Reply Comment
0 Comments