Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දීයාවට එරෙහිව නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත තරග 9 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තානු තරගාවලිය අහිමි විය. ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට සිම්බාබ්වේ, ඉන්දීය සහ පාකිස්තාන තරගාවලි තුනම අහිමි විය.

මේ වන විට ඔවුන් දෙදෙනාම සිය ආබාධවලින් සුවය ලබා සිටින නමුත් වැඩිදුරටත් එය සනාථ කරගැනීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව තේරීම් කමිටු නිලධාරීයෙක් ‘ලංකාදීප’ යට පැවසීය.

ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැති ඉන්දීය තරගාවලියේ ටෙස්ට් තරග 3 ටත්, එක්දින 5 ටත්, එක් විස්සයි20 තරගයකටත් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය බත්කෙණ්ඬේ හටගත් ආබාධයක් හේතුවෙන් එම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරගවලින්ද, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති පාකිස්තාන තරගාවලියෙන්ද ඉවත් විය. ඉන්දියාට එරෙහිව පැවැති ටෙස්ට් තරග තුනේදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 184 ක් රැස්කළ මැතිව්ස් එක්දින තරග පහේදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 192 ක් ලබාගත්තේය. ආබාධයට ලක්වීමට පෙර සහභාගි වූ අවසන් එක්දින තරග දෙකේදී ඉන්දියාවට එරෙහිව පිට පිටම අර්ධ ශතක 2 ක් ලබාගැනීමට මැතිව්ස් සමත් විය.

පාකිස්ථාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා මැතිව්ස් සුදානමින් සිටියද, පසුගිය කාලයේදී වරින් වර ආබාධයන්ට ගොදුරුවීම හේතුවෙන් පුර්ණ වශයෙන් සුවය ලබාගන්නා තෙක් ඔහු විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය අතරතුරදී පිට කොන්දේ ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා සහභාගි වූ අවසන් තරග දෙකේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 44 ක්ද, ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 47 ක්ද ලබා ගත්තේය.

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථි පිපිරුම තවමත් සුවවී නැති හෙයින් ඔහුට ඉන්දීය තරගාවලියද අහිමි වනු ඇතැයි වාර්තා වේ. ආබාධයට ලක්වීමට පෙර අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සමගින් ලකුණු 125 ක් රැස්කිරීමටත්, ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගැනීමටත් ගුණරත්න සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 3 කින්ද, එක්දින තරග 3 කින්ද, විස්සයි20 තරග 3 කින්ද සමන්විත වන අතර නොවැම්බර් මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.