මැතිව්ස් - තරංග එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
- 2017-12-19 10:14:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලියෙන් පසුව නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.
මේ අනුව පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 24 වැනි ස්ථානය දක්වාත්, උපුල් තරංග ස්ථාන 15ක් ඉදිරියට පැමිණ 36 වැනි ස්ථානය දක්වාත්, නිරෝෂන් දික්වැල්ල ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත.
පන්දු යවන්නන් අතර සුරංග ලක්මාල් ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 22 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 45 වැනි ස්ථානයට පත්ව ඇත. නුවන් ප්‍රදීප් ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 63 වැනි ස්ථනායට පත්ව ඇත.
තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන පහ තුළ සිටින ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තුන්වැනි ස්ථානයට පත්ව ඇත.
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රීලංකාව 8 වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය එහි 7 වැනි ස්ථානයේද ඉන්දියාව දෙවැනි ස්ථානයේ හා දකුණු අප්‍රිකාව පෙරමුණේද පසුවෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments