මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලාන ඉසිපතනයට
- 2016-06-13 16:41:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිටියේදී අද (11) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 28-14 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයේ ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලානය නැවත වරක් තම විදුහලට ගෙන යාමට ඉසිපතන කී‍්‍රඩකයෝ සමත් වූහ.
මෙම තරගය අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ තෙවැනි සතියේ තරගයකි.
ඉසිපතන සහ රාජකීය යන විදුහල් දෙකේම අධ්‍යාපනය ලැබූ මිල්රෝයි ප‍්‍රනාන්දු 1977 දී ඉසිපතන විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. ශිෂ්‍යභටයකු ලෙස රාජකීය විද්‍යාලයේ මහත් කීර්තිනාමයක් හිමිකරගෙන සිටි මිල්රෝයි, පාසල් දිවියෙන් පසුව සිය පියා වූ කර්නල් ඩඞ්ලි ප‍්‍රනාන්දු මහතා (රාජකීය විද්‍යාලයේ හිටපු බොක්සිං කී‍්‍රඩකයෙකි) අඩිපාරේ යමින් හමුදා සේවයට එක්ව ‘මේජර්’ තනතුර දක්වා උසස් විය.
ඕමන්තේදී ඇතිවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකදී මියගිය රණවිරුවා අනුස්මරණය කිරීම සඳහා රාජකීය - ඉසිපතන වාර්ෂික රග්බි තරගයේ ජයග‍්‍රාහකයන්ට ‘මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලාන’ පිරිනැමේ.
අද පැවැති තරගයේ ආරම්භයේ සිටම ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අණසක පතුරවමින් පළමු අර්ධය ලකුණු 14-7 ක් ලෙස අවසන් කළහ. ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 4 කින් ලකුණු ලැබීය. රාජකීය විදුහලට ගෝල 2 කින් ලකුණු එකතු විය.
මෙවර තරගාවලියේ අපරාජිත වාර්තාව රැකගෙන සිටින ඉසිපතන විදුහල පිට පිටම ලැබූ අටවැනි ජයග‍්‍රහණයද මෙය වේ.(lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments