මිස්බාගේ අවාසනාව රැඳුණ 99
- 2017-05-03 14:47:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරග තුනට ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායමේ ටෙස්ට් නායක මිස්බා උල් හක්ට අවස්ථා දෙකකදීම ශතකයන් පෙනී පෙනී අහිමි විය.
පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දින වල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මිස්බා උල් හක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
පසුගිය 21 දා සිට 25 දා දක්වා කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිමේදී මිස්බා ලකුණු 99 රැස්කරගෙන සිටියදී අනෙක් අන්තයේ අවසන් ක්‍රීඩකයා වූ මොහොමඩ් අබ්බාස් දැවීයාමෙන් මිස්බාට ශතකය අහිමිවූයේ 1 ලකුණකි. ඒ අනුව මිස්බා ලකුණු 99 නොදැවී රැස්කරගෙන එම ඉනිම අවසන් කළේය.
එසේම පසුගිය 30 දා ආරම්භ වූ තරගයේදී පාකිස්තාන පළමු ඉනිමේදී මිස්බා ලකුණු 99ට දැවී ගියේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි. ඒ අනුව අවස්ථා දෙකකදීම එක් ලකුණකින් මිස්බාට ටෙස්ට් ශතක දෙකක් අහිමිවිය.
කෙසේ වෙතත් මෙම තරගයේ දෙවැනි ඉනිම මෙන්ම තවත් එක් ටෙස්ට් තරගයක් මිස්බාට ශතකයක් ලබා ගැනීම සඳහා පවතියි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments