මෙසී අවසානයේදී ඇෆ්ගන් ප්‍රේක්ෂකයා හමුවෙයි
- 2016-12-14 12:04:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීගේ ප්‍රේක්ෂකයෙකු වන ඇෆගන් ජාතික 6 හැවැරිදි මුර්ටාසා අහමඩි අවසානයේදී සිය සිහින තරුව හමුවීය. ඒ දෝහා කටාර්හිදීය.
ප්ලාස්ටික් බෑගයකින් සකස්කළ ආර්ජන්ටිනා ජාතික පාපන්දු ජර්සියට සමාන ඇඳුමක් සකස් කරමින් ලියොනාල් මෙසීගේ අංක 10 එම ඇඳුමේ සටහන් කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ මෙම දරුවා පිළිබඳ කතාවට විදෙස් මාධ්‍ය මේ වසරේ මුල් කාලයේදී දැඩි ප්‍රචාරයක් ලබාදුන්නේය.
එය දුටු මෙසී අහමඩි හමුවීමට අවශ්‍ය බව සඳහන් කළ අතර පළමු අවස්ථාව යටතේ බාසිලෝනා කණ්ඩායමේ හා ආජන්ටිනා කණ්ඩායමේ ජර්සියක් අහමඩිට යොමු කිරිමට මෙසී කටයුතු කළේ සිය අත්සනද සහිතවය.
කටාරයේ පාපන්දු කණ්ඩායමක් සමග මිත්‍ර පාපන්දු තරගයකට එක්විමට සඳහා මෙසී ඇතුළු බාසිලෝනා කණ්ඩායම කටාර් වෙත පසුගියදා පැමිණි අවස්ථාවේදී මෙසීට සිය අපූරු ප්‍රේක්ෂකයා හමුවීමටත් අවස්ථාව ලැබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments