Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාරය ලොවට පෙන්වූ ඔයින් මෝගන්ගේ චමත්කාර ඉනිම හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරමින් ලකුණු 150ක පහසු ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (18දා) සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය ලෙස ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 397ක් රැස් කිරීමට සමත් විය. මෙහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ඔයින් මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් රැස්කළේය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 247ක් පමණි. පරාජිත ඇෆ්ගනිස්තාන ඉනිමට වටිනාකමක් එක්කළ හෂ්මාතුල්ලාහ් ෂාහිඩි ලකුණු 76ක් කණ්ඩායමට එක් කළේය.තරගයේ වීරයා ලෙස ඔයින් මෝගන් සම්මාන දිනා ගත්තේය.

එංගලන්තය 397/6 (පන්දුවාර 50)

ඔයින් මෝගන් 148 (71, 4x4, 6x17), ජොනී බෙයාස්ටෝව් 90 (99, 4x8, 6x3), ජෝ රූට් 88 (82, 4x5, 6x1), ඩව්ලාට් සද්‍රන් 3/85 (10), ගුල්බාඩින් නයිබ් 3/68 (10)

ඇෆ්ගනිස්තානය 247/8 (පන්දුවාර 50)

හෂ්මාතුල්ලාහ් ෂාහිඩි 76 (100, 4x5, 6x2), රහ්මාට් සහ් 46 (74, 4x3, 6x1), අස්ගර් ඇෆ්ගන් 44 (48, 4x3, 6x2), ජොෆ්රා ආචර් 3/52 (10), ආදිල් රෂීඩ් 3/66 (10)

මෙම තරගයෙන් පසු අලුත් වූ ක්‍රිකට් පිටිය

මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් රැස් කළ අතර, ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 57කදීය. මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය වන අතර, සිව්වැනි වේගවත්ම ශතකද වෙයි. මෙහි වාර්තාවවට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ය. ඒ බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව පන්දු 52කදී ශතකය සම්පූර්ණ කරමිනි.

හයේ පහර 17ක් එල්ල කිරීමට මෝගන් සමත් වූ අතර, එය එක්දින තරගය පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. මේ සමග ඉනිමක හයේ පහර 16ක් එල්ල කරමින් ඉන්දියාවේ රෝහිත් ෂර්මා, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් හා බ.ඉ. කොදෙව්හි ක්‍රිස් ගේල් සතුව තිබූ වාර්තා බිඳ වැටුණි.

මෝගන් මේ වන විට හයේ පහර 22ක් එල්ල කර ඇති අතර, ලෝක කුසලාන තරගාවලියක වැඩිම හයේ පහර එල්ල කර ඇති ක්‍රිස් ගේල්ගේ වාර්තාව අභිබවා යාමට ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් හයේ පහර 03ක් පමණි. ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය එල්ල කර තිබෙන වැඩිම හයේ පහර සංඛ්‍යාව වන්නේද 22කි. ඒ 2007 ලෝක කුසලාන තරගාවලියේදීය. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේම එංගලන්තය එල්ලකර ඇත්තේ හයේ පහර 130ක් (තරග 72කදී) වන අතර, මේ වනවිටත් ඔවුන් හයේ පහර 47ක් (තරග 05කදී) එල්ල කර ඇත.

එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී හයේ පහරවල් 25ක් එල්ල කළ අතර, එය එක්දින තරගයක කණ්ඩායමක් එල්ල කළ වැඩිම සංඛ්‍යාවයි. මෙහි පෙර වාර්තාවටද හිමිකම් කියන ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව හයේ පහර 24ක් එල්ලකර තිබුණි. පසුගිය 2015 සහ 2011 ලෝක කුසලාන ද්විත්වයේම එංගලන්තය එල්ල කර තිබුණු සමස්ත හයේ පහර 31ක් පමණි.

මෙම තරගයේදී රෂීඩ් ඛාන්ට පමණක් හයේ පහර 11ක් එල්ල කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ අතර, එය එක්දින තරගයක පන්දු යවන්නෙකුට එල්ල වූ වැඩිම හයේ පහර ප්‍රමාණයයි. එමෙන්ම 1999 වසරෙන් පසු ජාත්‍යන්තර තරගයක පන්දු යවන්නෙකුට එරෙහිව එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද මෙයයි. එයින් මෝගන් පමණක් හයේ පහර 07ක් එල්ල කළ අතර, එයද එක්දින තරගයක පන්දු යවන්නෙකුට එරෙහිව එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.

රෂීඩ් ඛාන්ට එරෙහිව එංගලන්ත පිතිකරුවන් ලකුණු 110ක් රැස්කළ අතර, පන්දුවාර 09කදී ඔහු ලබාදුන් එම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරගාවලියක පන්දු යවන්නෙකුට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම එක්දින තරගය දඟ පන්දු යවන්නෙකු ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.

එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව (397/6) ලෝක කුසලාන තරගාවලියක ඔවුන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර මෙම තරගාවලියේදීම බංග්ලාදේශයට එරෙහිව ඔවුන් ලකුණු 386ක් රැස්කර තිබුණි. මෙය ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ 06 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

විශ්ව මුදියන්සේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.