Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරග සඳහා නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා ඇතුළු පහළොස් දෙනකුගේ කණ්ඩායමක ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරනු ලැබ ඇති බව බිබිසී සන්දේශය කියයි. ප්‍රහාරාත්මක පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ටෙස්ට් තරගවලදී දස්කම් දැක් වූ නමුත් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට එක් නොවූ යොවුන් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කණ්ඩායමට ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි කණ්ඩායම තෝරාගෙන ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ. නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, සහ ධනංජය ද සිල්වා දැනට දකුණු අප්‍රිකාවේ සිටින අතර, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ නුවන් කුලසේකර බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් නිවේදනයේ සඳහන් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.