යෝවුන් ක්‍රීඩකයෝ පළමු කඩඉම ජයගනිති
- 2016-12-15 17:33:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු ආසියානු යොවුන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සත්වූයේය. ඒ එන්.සී.සී. පිටියේ ශ්‍රී ලංකාව අද (15දා) නේපාල කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් තරගය ජයගනිමිනි.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 227ක් රැස්කිරීමට සමත්වූයේය. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ හසිත බෝයගොඩ ලකුණු 83ක් රැස්කිරිමට සමත්වූයේය. අශේන් බණ්ඩාර පන්දු 47කින් පන්දු ලකුණු 48ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කළේය. නේපාල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ ඩිපේන්ද්‍ර සිං අයිරේ කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූයේය.
ලකුණු 228ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 49.3කදී සියල්ලන්ම දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 226ක් පමණි.
නේපාල කණ්ඩායමට අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබුණි. අවසන් පන්දුවාරය යොමුකළ ප්‍රවින් ජයවික්‍රමගේ පළමු පන්දුවට ලකුණක් ලබාගැනිමට එවිට පිටියේ සිටි ඩිපේන්ද්‍ර සිං අයිරේට නොහැකි වූ අතර දෙවැනි පන්දුවට ඔහු හයේ පහරක් එල්ල කිරීමට සමත්වූයේය. කෙසේ වෙතත් තෙවැනි පන්දුවට ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීටමට ප්‍රවීන් සමත්වූයේය. අයිරෙ දැවී යන විට ලකුණු 90ක් රැස්කිරිමට සමත්ව තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments