Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බ‍්‍රසීලයේ පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිස ඊයේ (21) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූහ.

කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පළ කළ අතර මාතෘ භූමිය වෙනුවෙන් ජයග‍්‍රහණ අත් කර ගැනීම සඳහා ආශිර්වාදය ද පළ කළේය.

ලබන මස 05 වන දින සිට 21 වන දින දක්වා, දින 17 ක කාලයක් පුරා රටවල් 206 ක් නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10,500 ක ගේ සහභාගිත්වයෙන් බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගරයක් වන රියෝ ද ජෙනේයිරෝ නගරයේදි 2016 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වේ.

ඔලිම්පික් 2016 උළෙල රන්, රිදී, ලෝකඩ වශයෙන් පදක්කම් කට්ටල 306 කින් හා ඔලිම්පික් කී‍්‍රඩා 28 කින් සමන්විත වේ. එමෙන්ම වර්ෂ 1924 න් පසු රග්බි කී‍්‍රඩාව හා වර්ෂ 1904 න් පසු ගොල්ෆ් කී‍්‍රඩාව නැවත මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වීම විශේෂත්වයකි.

මෙවර ගී‍්‍රෂ්ම ඔලිම්පික් තරගාවලියට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 09 දෙනෙක්, කී‍්‍රඩා ඉසව් 08 ක් සඳහා සුදුසුකම් ලබා ඇත. ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය දස්කම් ඔස්සේ මැරතන් (පිරිමි හා කාන්තා), හෙල්ල විසිකිරීම (පිරිමි), බැට්මින්ටන්, ජූඩෝ, බර ඉසිලිීම, පිහිනුම් හා ඉලක්කයට වෙඩි තැබීම යන ඉසව් හරහා සිය මව් රටට කීර්තියක් අත්කරදීමට අපේක්ෂාවෙන් සිටි.

2016 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සැමරීම වෙනුවෙන් නව සමරු මුද්දර 04 ක් සහ මුල් දින කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් එළිදක්වා ඇති අතර එහි පළමු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

මෙම සමරු මුද්දර රු 8.00, රු 10.00, රු 35.00 සහ රු 50.00 වටිනාකම්වලින් යුක්තය.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් යන මහත්වරුන් ද, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)13690651_10154215457516327_3397790878901862221_n (1) ඡායාරූප-ජනාධිපති සමාජය පිටුව13754265_10154215456806327_7180791235608391739_n 13769388_10154215457146327_8296398277293028748_n 13781804_10154215457261327_6506991356991703843_n

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.