රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් 21 දා
- 2019-07-19 12:49:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සරසවි සිසුන් සඳහා වන එකම T20 ක්‍රිකට් තරගාවලිය වන ‘රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට්’ (RBCC) තරගාවලිය ජුලි 21 දා ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට රෙඩ් බුල් ලෝක කුසලාන තරගාවලියට එක්වීමට අවස්ථාව තිබේ.
‘RBCC’ ක්‍රිකට් තරගාවලිය හරහා ඉන්දියාවේ කේ.එල්. රාහුල්, දකුණු අප්‍රිකාවේ ලුන්ගි එන්ගිඩි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාග් සූරි, ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල (2017) සහ චාමික කරුණාරත්න (2018) ජාත්‍යන්තර මට්ටමට පැමිණි ක්‍රීඩකයන් බව තරග සංවිධායකයෝ පවසති.
ජූලි මස 21 වැනි දින සිට ජූලි මස 28 වැනි දින දක්වා ජාතික තරගාවලිය පැවැත්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments