Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම භයංකාර ආරම්භයකට මුහුණ දුන්නේය. පළමු දිනයේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඉන්දියාවට කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි.

කඩුල්ලේ රැඳි සිටින චෙටේෂ්වර් පුජාරා ලකුණු 8 ක් රැස්කර සිටි අතර අජින්ක්‍යා රහනේට ලකුණු ලබාගැනිමට අවස්ථාවක් හිමිනොවීය. දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වී යැවිය හැකිවූයේ ඕවර 8 ක් පමණි. නැවතත් ඇතිවූ වර්ෂාව නිසා ආපසු ගිය ක්‍රීඩකයෝ එය තේ පානය සදහාද අවස්ථාවක් කරගත්හ.

තේ පානයෙන් පසුව ඇරඹුණු තරගයේ ඕවර 3.3 ක් යැවීමෙන් පසුව ඇතිවූ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කිරීමට සිදුවිය. එම කාළය තුළදි ලකුණු ලබාගැනීමට ඉන්දිය පිතිකරුවන්ට අවස්ථාවක් හිමි නොවීය.

තේ පානයෙන් පසු ඇරඹි ඉන්දීය ඉනිමට ලකුණු එක්වීමට පෙර ක්‍රියාත්මකවූ සුරංග ලක්මාල් තෙවැනි කඩුල්ල ලෙස විරාට් කෝලී දවාගැනීමට සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය කෝලීට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබානොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වගබලාගත්හ.

ඉන්දීය නායකයා කඩුල්ල මුවාකරමින් දැවී ගිය බව ප්‍රධාන විනිසුරු විසින් තීරණය කරනු ලැබීමත් සමගින් ඊට එකඟ නොවූ විරාට් කෝලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තීරණය කළේය. පුනරූපණ නැරඹීමෙන් අනතුරුව ප්‍රධන විනිසුරුගේ තීරණය සමගින් එකඟවූ තෙවැනි විනිසුරුද කෝලී දැවීගිය බවට දැනුම් දීමත් සමගින් පළමු විතිවි අවස්ථාව ඉන්දීය පිලට අහිමිවී ගියේය.

තරගයේ පළමු පන්දුවේදීම ලෝකේෂ් රාහුල් දවාගත් සුරංග ලක්මාල් ඉන්දීය ඉනිමට ලකුණු 13 ක් එක්වන විටදී නැවතත් ක්‍රියාත්මක විය. ලක්මාල්ගේ දෙවැනි කඩුල්ල ලෙස ශීකර් ධවාන් දැවී ගියේ පිත්තේ වැදුණු පන්දුව කඩුල්ල වෙත ඇදී ඒමෙනි. දිනය නිමා වන විට ඕවර 6 ක් යවා තිබූ ලක්මාල් එකම ලකුණක් හෝ ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර නොදීම කඩුලු 3 ක හිමිකරුවා වී සිටියේය.

තණතීරුවේ තණකොළ බහුලව තිබිමත් තණතීරුව වසා තිබීමත් හේතුවෙන් තෙතමනය රඳා පැවතීම නිසා පන්දු යැවීමට තීරණය කළ බව කාසිය වාසිය දිනාගත් පසු දිනේෂ් චන්දිමාල් පැවසීය. කාසියේ වාසිය දිනාගත්තේ නම් තම කණ්ඩායමද පළමුව පන්දු යැවිමට බලාපොරොත්තු වෙන් සිටි බව ඉන්දිය කණ්ඩායමේ නායක විරාට් කෝලී පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවෝ හයදෙනෙක්, පන්දු යවන්නෝ සිවුදෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් එක්ව සිටිති.

උදෑසන පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර පස්වරු 1 ට පමණ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.